නිතර ඈනුම් යෑම ලෙඩක්ද?

අපි හැමෝටම තියෙන පොදු ලක්ෂණයක් තමයි ඈනුම් යෑම. ඈනුම් යෑම සාමාන්‍යයෙන් අවශ්‍ය ප්‍රමාණයට නින්දක් නොලබුනාම ඇති වෙන ගැටළුවක් කියලත් මතයක් තියෙනවා. ඔක්සිජන් වායුව අපේ සිරුරේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍යයි. හුස්ම ගැනීමේදී සිරුරට ඇතුළු වන ඔක්සිජන් වායුව සිරුර ප්‍රයෝජනයට ගත් පසුව කාබන්ඩයොක්සයිඩ් නිෂ්පාදනය වෙනවා. එම වායුව නැවත හුස්ම පිට කරන විට සිරුරෙන් ඉවතට යනවා. හැබැයි සිරුර තුළ කාබන්ඩයොක්සයිඩ් අතිරික්තයක් ඇති වූ විට ඈනුම් පිට වෙනවා කියලයි කියන්නේ. ඒ එම වායුව ඉකමනින් පිට කර නැවත ඔක්සිජන් ලබා ගැනීම සඳහා.

ඔයාට මෙලෙස ඈනුම් යෑමෙන් සිරුර සහ මනස උත්තේජනය කිරීම, උදාසීන බවක් ඇති වන විටම එය පහ කිරීමේ ක්‍රමයක් ලෙසද හැඳින්වෙනවා. ඒ වගේම මොළය සිසිල් කිරීමටද ඈනුම් යෑම උදව් වෙනවා. ඒ කියන්නේ සිරුර පමණට වඩා උණුසුම් වූ විට, ඒ බව හඳුනාගෙන නව සිසිල් වාතය සිරුර තුලට ඇද ගැනීම සඳහා ඈනුම් පිට කිරීම සිදු වෙනවා.

ඈනුම් ඇති වීම සෞඛ්‍ය ගැටළුවක්ද?

ඔයාට විනාඩියකට එක් වතාවකට වඩා ඈනුම් යනවා නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න.
ඒ වගේම නින්ද නොයෑමේ ගැටළුවක් නිසාත් ඈනුම් යනවා.
හදවත ආශ්‍රිතව ඇති වූ ලේ ගැලීමක්,
අපස්මාරය නිසා,
හදවත සහ රුධිර නාල නියාමනය කරන ස්නායුවේ ගැටළුවක්,
අක්මාවේ ගැටළුවක් නිසා,
මානසික අවපීඩනයට හෝ කාංසාවට ප්‍රතිකාර කරන ඖෂධ වල අතුරු ආබාධයක් නිසා හෝ
Multiple sclerosis (මොළය සහ ස්නායු පද්ධතිය අක්‍රිය වීමේ රෝගයක්)

ඔයාට මෙලෙස අසාමාන්‍ය ලෙස ඈනුම් නම්, ඒ කියන්නේ විනාඩියකට එක් වතාවකට වඩා ඈනුම් යනවා නම් වහම වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබාගන්න.

ඈනුම් පිටවීම වළක්වා ගන්නේ කොහොමද?

සිරුරේ උෂ්ණත්වය අඩු කිරීම

සිරුරේ උෂ්ණත්වය අඩු කිරීමට හොඳම ක්‍රමය තමයි ඔයාගේ අවට පරිසරයේ උෂ්ණත්වය අඩු කිරීම. ඒ සඳහා වායු සමීකරණය ක්‍රියාත්මක කිරීම හෝ නිවස තුලට සුලන් ඇතුළු වන සේ කවුළු විවර කිරීම ඔබට සිදු කල හැකියි.කරන්න පුළුවන්.

සිසිල් කළ ආහාර පාන ලබා ගන්න

සිසිල් ආහාර ලබා ගැනීමෙන් සිරුර සිසිල් කර ගන්න ඔබට පුළුවන්. ඒ වගේම ඔයාගේ සිරුර විජලනයට පත් වූ විටත් ඈනුම් පිට විය හැකියි. ඒ නිසා සීතල පාන වර්ග ලබාගන්න.

අයිස් වලින් හිස තවන්න ඝනකම් රෙද්දකින් අයිස් කැට කීපයක් ආවරණය කර හිස ප්‍රදේශය මඳක් තවන්න. තදින් හුස්ම ගන්න. ඔයාට ඈනුම් පිට වන විට අන් අය සමඟ කතා කිරීමට පටන් ගන්න. මොකද යමෙක් වෙතට අන් අයගේ අවධානය යොමු වන විට ඈනුම් පිට නොවන බව සඳහන්.

Leave a Reply

Your email address will not be published.