රෑට මේ විදිහට කෑවොත් මහත් වෙන්නේ නෑ

ගොඩක් අයට තියෙන ගැටළුව තමයි ශරීරය මහත් බව. ඉක්මනින් කෙට්ටු වෙන්න කොච්චර උත්සාහ කලත් වැඩක් වෙන්නේ නෑ. උදේට රජෙක් වගේ කාලා, රෑට හිඟන්නෙක් වගේ කන්න කියලා කියමනක් තියෙනවා. ඒත් ගොඩ අය පුරුදු වෙලා ඉන්නවා රාත්‍රී ආහාර වේල රජෙක් වගේ කන්න. ඊට පස්සේ ඉතින් තරබාරු වුණාට පස්සේ තමයි රෑ කෑම වර්ජනය කරන්නේ. හැබැයි ඔයා අඩු කරගන්න ඕන ආහාර ලබා ගත යුතු ප්‍රමාණය නෙවෙයි. ආහාර නිසා ඔයාගේ සිරුරට ඇතුළු වන කැලරි ප්‍රමාණයයි. උදෑසන කැලරි වැඩි ප්‍රමාණයක් ලබා ගන්න එක නම් සිරුරට හොඳයි. හැබැයි එහෙමයි කියලා රෑ කෑම අඩු කරන්නේ නැතුව කැලරි අඩු මේ ආහාර රෑ කෑමට එකතු කරගන්න.

එළවලු සලාදයක් හෝ එළවලු සුප්

මේවායේ තන්තු බහුල වශයෙන් පවතින නිසා ඔබේ කුස පිරී යනවා. නමුත් මේවා ඔබේ සිරුරේ තරබාරු වීම කෙරෙහි බලපාන්නේ නැහැ. රාතියේදී තැම්බූ එළවලු සලාදයක් හෝ එළවලු සුප් එකක් ලබා ගැනීම සෞඛ්‍යයට ගොඩක් හිතකරයි.

මාළු , සැමන් හෝ මැකරල්

සිරුරට ඉතා වැදගත් වන ඔමේගා -3 මේද අම්ල මාළු වල අඩංගු වෙනවා. මාළු වල ඇති ප්රෝටීන් පරිවෘත්තීය ක්‍රියාවලිය නියාමනය කරනවා.

බටර්, තෙල් එකතු නොකර තැම්බූ ඉරිඟු

ඔයාගේ රාත්‍රී ආහාර වේලට තැම්බූ ඉරිඟු වඩාත් සුදුසුයි. හැබැයි තෙල් එකතු කර අමතර කැලරි ප්‍රමාණයක් ලබා නොගන්නට වග බලාගන්න.

චීස් කැබැල්ලක්

කුඩා චීස් කැබැල්ලක කැලරි 100 ක් පමණ අඩංගු වෙනවා. මේවා tryptophan, protein සහ caseinවලින් පොහොසත්. චීස් වැඩි තෘප්තියක් ලබා දෙන අතර නින්දට පෙර ලබා ගන්නවා නම් ගොඩක් හොඳයි.

කළුකුම් මස්

අනෙක් මස් වර්ග වලට සාපේක්ෂව කළුකුම් මස් වල ප්‍රෝටීන් සහ tryptophan බහුලයි. විශේෂයෙන්ම කුකුළු මස් වෙනුවට ආහාරයට ගත හැකි හොඳ ආදේශකයක්. පහසුවෙන් ජීර්ණය වන නිසා රාත්‍රියටට කිසිම අගුණයක් නැහැ.

රෑට සම්පූර්ණයෙන්ම diet කරන එක නතර කරලා මෙම ආහාර වට්ටෝරුවට දිගටම ගන්න. බර අඩු වෙනකන් විතරක් නෙවෙයි. ඊට පසුවත්. හැබැයි උදේට පෝෂණීය, සමබල ආහාර වේලක් ගන්නත් අමතක කරන්න එපා.